අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

ඒ මොහොත

ගිලන් රථයේ දොර වැසිමට ආසන්නය. මම එහි තුළය. පිටත මගේ පුතා මාගේ භාර්යාවට ඇමතුමක් දෙමින් සිටියේය. සිහි මඳ ගතියෙන් මම ඔහුගේ නම හඬ ගැසීමි. මම ඉතා සෙමින් "ඔබගේ අම්මට කියන්න මම ඇයට බොහෝ පේ‍්‍රම කරනවා කියලා" කී බව ඔහු එම මොහොත ආවර්ජනය කරමින් කියා සිටියේය.

මේ අවසන් වචන යයි මම සිතීමි. ඒවා වෙන්වීමේ වචන වීම මගේ ආශාව විය. ඒ මොහොතේ…

සටන

කාලතුවක්කු වදින ශබ්දයෙන් ඔහු අවට පොළොව දඩ දඩ ගා චංචල වේ. තරුණ සොල්දාදුවෙකු උනන්දුවෙන් යාච්ඤා කළේය. "ස්වාමිනී මාව මේකෙන් ගළවන්නේ නම් අම්මා කී ලෙසම බයිබල් පාසැලට මම යන්නෙමි". දෙවියන්වහන්සේ ඔහුගේ අවධාරණය සහිත යාච්ඤාවට ගෞරව කළ සේක. දෙවන ලෝක මහා යුද්ධය තුළින් නිරුපද්‍රිතව යාමට මාගේ පියාට හැකි විය. ඔහු මූඩි බයිබල් ආයතනයට ඇතුළත් විය. ඔහුගේ ජීවිතය ඔහු සේවයට කැප කළේය.

තවත්…

අවධානය ගැනීමට උත්සාහය

විශ්ව විද්‍යාල පංතියක් ක්‍ෂේත්‍ර සංචාරයක් සඳහා ගිය විට තමාගේ හොඳම සිසුවිය හඳුනා ගැනීමට උපදේශකට නොහැකි විය. ඇය පංතියේදී තම කලිසම් කකුල් වලින් අඟල් හයක් උස සපත්තුව වසා ගෙන සිටියාය. නමුත් ඇය ඇවිදින සපත්තු දැමු විට අඩි පහකටත් වඩා මිටි බව පෙණුනි. ඇය සිනහවී කීවේ "මම කැමති අඩි උස සපත්තු දමා සිටීමටයි. නමුත් සාමාන්‍ය සපත්තු මාගේ යථාර්ථය පෙන්නුම් කරයි" යනුවෙනි.

අපගේ…

තවත් එක් දිනයක්

"සෑම දිනම නත්තල්" යන පොතහෙි විලියම් ඩීන් හවල්ස් තම ඉල්ලීම ඉෂ්ටවන දැරියකගේ කථාවක් පවසයි. එක් දීර්ඝ දරුණු වසරක සෑම දිනක්ම ඇයට නත්තල් මෙන් විය. තුන්වන දවස වන විටම නත්තල් ප්‍රීතිය නැතිවීමට පටන් ගන්නේය. වැඩිකල් යන්නට පෙර සියලු දෙනා රසකැවිලි අප්‍රිය කරති. කුකුල් මස් දුලබ වේ. ඒවා විශාල ගණන්වලට විකිණේ. ත්‍යාගයන් තවදුරටත් කෘතඥතාවයෙන් පිළිනොගැනේ. ඒවා සෑම තැනම ගොඩ ගැසී තිබේ. සෙනග…

නත්තලේදී ප්‍රශ්න

දෙසැම්බර් මාසය දින දර්ශනයේ පෙරළීමට පෙරම උතුරේ ඇති අප නගරයේ නත්තල් සිරිය බැබළිමට පටන් ගන්නේය. වෛද්‍ය ශලාවක ඉඩමේ ගස් සහ පඳුරු විදුලි බුබුළු වැල් වලින් දීප්තිමත් වන්නේය. සැම ගසක්ම වෙනස් වර්ණයක් දෙයි. රාත්‍රියේදී එය ඇස් පිනවන දර්ශනයක් වන්නේය. ව්‍යාපාර ස්ථානයක් ඔවුන්ගේ ගොඩනැගිල්ල විශාල වියදමක් පෙන්වන නත්තල් තෑග්ගක් මෙන් සරසයි. නත්තල් සිරියේ සාක්‍ෂි නැති ස්ථානයක් නැති තරම්ය.

සමහර අය මේ සුඛෝපභෝගී…

වැරදි පැත්තේ

ඝාණාවේ ටෙකිමන් ප්‍රදේශයේ පාලම ජලපහරට ගසා ගෙන ගිය විට ටානෝ ගංගාවේ අනක් පැත්තේ එනම් නව ක්‍රෝබෝ පළාතේ සෙනග කොටු වූහ. සභාපාලක සැමුවෙල් අප්පයියාගේ සෙනග අඩුවූහ. ඊට හේතුව ඔව්හු ගංගාවේ වැරදි පැත්තේ කොටු වීමය.

කරදරය මධ්‍යයෙහි සභාපාලක සෑම් දරුවන්ගේ අනාථ නිවාසය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඔහු යාච්ඤා කළේය. ඊළඟට සභාව නව ක්‍රෝබෝ පෙදෙසේ එළිමහන් රැස්වීම් තැබීය. වැඩිකල් නොයා යේසුස්වහන්සේගේ් නාමයෙන් ඔව්හු…

තවමත් රජු වේ

එක් ප්‍රවෘත්ති වාර්තාවක තිබුණේ "දශක ගණනක් තුළ කිතුණුවන්ගේ භයානකම දවස" එයයි කියාය. 2017 අප්‍රේල් මාසයේදී ඉරිදා නමස්කාර දෙකකට කළ පහරදීම අපගේ අවබෝධයට ග්‍රහණය නොවේ. නමස්කාර ගෘහයක කළ ලේ වැගිරීම විස්තර කිරීමට අපට වචන නැත. නමුත් එවැනි වේදනා හොඳින් දන්නා අයගෙන් අපට යම් උපකාරයක් ගත හැකිය.

ගිතාවලිය 74 ආසාප් ලියන විට වහල් කමේ සිටි බොහෝ සෙනග මරා දමා තිබුණි. සිතක් පපුවක්…

සමාදානය කොහේද?

1984 දී "සමාදානය ගැන ඔබ තවමත් බලාපොරොත්තු වෙනවාද?" කියා පත්‍ර වාර්තාකරුවෙකු බොබ් ඩයිලන්ගෙන් ඇසීය.

"මොන සමාදානයක්වත් ඇති වෙන්නේ නැහැ" කියා ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ ප්‍රතිචාරයට විවේචන ගලා ආවේය. නමුත් සමාදානය සැමදා මග හැරෙන බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය.

ක්‍රිස්තුස්වහන්සේට වසර 600 කට පෙර බොහෝ අනාගතවක්තෘවරු සමාදානය ගැන අනාවැකි කීවෝය. නමුත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ එසේ කීවේ නැත. යෙරෙමියා සෙනගට මතක් කළේ දෙවියන්වහන්සේ කී…

දෙවියන්වහන්සේගේ ගිනි පෙණෙල්ල

ගෘහ සේවිකාව වියරුවෙන් මෙන් ගිනි ගන්නා නිවසින් කුඩාම දරුවන් ඇරගෙන පිටතට දිව්වාය. දිව යන ගමන් ඇය පස් හැවිරිදි ජැකීට මොර ගැසුවාය.

නමුත් ජැකී ඇය පසු පස ගියේ නැත. පිටත බලා සිටි අයෙකු වහාම ක්‍රියාත්මක විය. තම මිතුරෙකුගේ උරහිස් මතට නැගුණු ඔහු ඉහළ මාලයේ ජනේලයට නැග ජැකීව ආරක්‍ෂාව ඇති ස්ථානයකට ගත්තේය. එවිටම වහලය කඩා වැටුණි. ජැකීගේ මව වන සුසන්නා පැවසුවේ "ජැකී…

ඒ මාළුවා ගැන කථාවක් නොවේ

ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළ අසල මුහුදෙහි බොහෝ වරක් දක්නට ලැබුණු සුදු පැහැති මොල්ලිය සහිත විශාල තල්මහ පළමුවරට ලේඛණ ගතවූ එවැනි තල්මසා වෙයි. ඌ ඉතා අනර්ඝ සත්වයෙකි. අඩි 40 කට වඩා දිගය. එම සතුන් එතරම් දුලභ නිසා ඔස්ට්‍රේලියානු රජය ඌ ආරක්ෂා කිරීමට විශේෂ නීති පැනවීය.

බයිබලයේද විශාල මත්ස්‍යයෙකු ගැන පවසයි. දෙවියන්වහන්සේ එම මත්ස්‍යා එවන ලද්දේ පැන යමින් සිටි අනාගතවක්තෘ කෙනෙක් ගිළ දැමීමටය…